FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

අද (11) දිනයේ මැදපෙරදිග සිට මෙරටට පැමිණ නිරෝධානයට ලක්වූ පිරිසක් එලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ සඳහන් කළේය.

නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුවයි මෙලෙස නිවෙස් වෙත යොමු කර ඇත.