(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (13) මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම ආරම්භ වේ.
කෙසේවෙතත් ලබන සඳුදා ඡන්දය භාවිත කිරීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් පමණයි.
රාජ්‍ය ආයතනවල සේවකයින් ලබන 14 සහ 15 යන දිනවලදී ඡන්දය සළකුණු කරනු ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 16 සහ 17 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
මෙම දිනවල දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.








