මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන් මගින් මෙරටට එවා තිබූ එක්ස්ටසි මත්පෙති කිලෝග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් කටුනායක ප්‍රදේශයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ප්‍රංශයේ සිට කූරියර් සේවාවක් මගින් මෙම මත්පෙති තොගය එවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පෞද්ගලික කූරියර් සමාගමක් හරහා එවා තිබූ පාර්සලයක් පිළිබඳව පළ වූ සැකයක් මත රේගු නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත.

CATEGORIES