FAST NEWS

24×7 Around the Globe

තවත් ගිනි අවි 4 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | හිනිදුම) – හිනිදුම වීරපාන – නැගෙනහිර ප්‍රදේශයේදී ලංකාවේ නිෂ්පාදිත ගිනි අවි 04 ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  

සොයාගත් ගිනි අවි අතර බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 3 ක්ද වන බව පොලීසිය සඳහන් කළේය.

49 හැවිරිදි වියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර අද (10) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.