FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ පළමු වරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලංකා ඉතිහාසයේ පළමුවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් ඊයේ (09) එළිදැක්විය.  

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  මෙය සම්පාදනය කරනු ලැබුවේය.

දීර්ඝ කාලයක සිට අවශ්‍යතාවක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය බලයේ ස්වභාවය සහ ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාර්ගෝපදේශයක් වශයෙන් භාවිත කිරීමේ හැකියාව පවතියි.

සමුද්‍රීය මූලධර්ම තුලින් රටක සමුද්‍රිය බලය යෙදවීමේ පුළුල් පරාසය හඳුනාගැනීමටත් සාගර කලාපයේ ස්ථාවරභාවය පවත්වාගැනීමටත් මහත් පිටුවහලක් වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා සඳහන් කළේය.