FAST NEWS

24×7 Around the Globe

විදේශගතව සිටි තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොවිඩ් 19 ගෝලීය වසංගය හේතුවෙන් ඩුබායිහි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනු ලැබුවේය.

එම ලාංකිකයන්  පිරිස එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බව වාර්තා වෙයි.

මේ අතර, දෝහා – කටාර් සිට විදේශීය නැවක සේවය කිරීම සඳහා විදෙස් නාවිකයන් 24 දෙනෙකු ද අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියහ.

ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයෙන් නරීටා ගුවන් තොටුපළේ සිට අද අලූයම 4.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

මොවුන් සියළු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.