FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට බන්ධනාගාර රැඳවියන් 204 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි , යුද හමුදාව පවසයි.

ඊයේ (08) රාත්‍රියේ පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු සහ පල්ලේකැලේ බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කළ බව
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

ඊට අමතරව ජේලර්වරුන් 9 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

ඔවුන් එලෙස නිරෝධායනය සඳහා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.