FAST NEWS

24×7 Around the Globe

PCR පරීක්ෂණ සඳහා කටුනායකට නවතම වෛද්‍ය රසායනාගාරයක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර , සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමේ උත්සවය අද (09) පෙරවරුවේ පැවැත්විය.   


මෙය අනුක ජීවී වෛද්‍ය රසායනාගාරය ලෙස නම් කර ඇති අතර එහි PCR පරීක්ෂණ යන්ත්‍ර 02 ක් ද න්‍යෂ්ටික අම්ල වෙන් කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 02 ක් ද , ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද මෙහි ස්ථාපිත කර තිබේ .

මෙහි දිනකට ගුවන් මගින් පැමිණෙන 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවයක් පවතී .

මෙම වෛද්‍ය රසායනාගාරය  රුපියල් මිලියන 70 ක් පමණ  වටිනාකමක් ඇති අතර , ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සදහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ .

එනිසා මෙම  වෛද්‍ය රසායනාගාරය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු මුදලක් වැය නොකර ඇති අතර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 16.5 ක් වැය කර මෙම ගොඩනැගිලි සංකීර්ණය සති දෙකහමාරක් වැනි කෙටි කාළයක් තුළ සාදා නිම කර දී  තිබේ .

එහෙත් කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාළයක් තුළ,මෙම පරීක්ෂණ  නොමිලේ ම සිදු කර ගත හැකිය .