FAST NEWS

24×7 Around the Globe

රේගුව විසින් රාජසන්තක කල වාහන රජයේ භාවිතයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්, නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ කෙසේවෙතත් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා දැනට අධිකරණය හමුවේ නඩු කටයුතු යටතේ පවතින වාහන ඊට ඇතුලත් නොවන බවයි.