FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලාපොරොත්තු වන බවට වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.