FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙසට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.   

ඒ අද (08) පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 950 ක අපනයන ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වූ අප්‍රේල් මාසයේ අපනයන ප්‍රමාණය හා සැසඳීමේදී එය රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.