FAST NEWS

24×7 Around the Globe

සෞදියේ සිට ගෙල සිද මරා දැමූ මළ සිරුරු 03 ක් කටුනායකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදියේ සේවය කරමින් සිටියදී , ගෙල සිද මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මොවුන් කැළණිය , බියගම පාරේ , පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වේ.

මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව ගෙළ සිද මරා දමා ඇති බව බව වාර්තා වේ.

මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි.

මවගේ වයස අවුරුදු 55 ක් වන අතර , දියණිය වයස අවුරුදු 34 ක් වන බවට වාර්තා වේ.

ඔවුන්ගේ මළ සිරුරු අද (07) දින පෙරවරු 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.