FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාරයේ 177 ක් PCR පරීක්ෂණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිතයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ආසාදිත රැඳවියා රඳවා සිටි ගොඩනැගිල්ලේ සිටි 177 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙක්.

හෙරොයින් නඩුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මාස 3 ක සිරදඩුවමක් නියම කර ලැබ ඇත.