FAST NEWS

24×7 Around the Globe

අණ නොතැකූ ත්‍රීරෝද රථයට පොලීසියෙන් වෙඩි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝධ රථයකට අනුරාධපුර රාජංගනය ප්‍රදේශයේදී වෙඩි තබා තිබේ.

මෙලෙස නොච්චියාගම සිට රාජාංගනය දෙසට ගමන් කළ ත්‍රීරෝධ රථයකටයි පොලිසිය වෙඩි තබා ඇත.

ඊයේ රාත්‍රියේ මෙම ත්‍රීරෝධ රථය නවතා පරීක්ෂා කිරීමට පොලිසිය උත්සහ කල අවස්ථාවේදි එය ධාවනය කළ සැකකරුවන් ඊට අවනත වී නොමැත.

ඒ අනුව පොලිස් නිළධාරින් ත්‍රීරෝධ රථයේ පසුපස රෝදයට වෙඩි තබා තිබේ.

පොලිසිය සදහන් කලේ වෙඩි ප්‍රහාරයට ලක්වු අදාල ත්‍රීරෝධ රථය අතුරු මාර්ගයක තිබි හමුවී ඇතත් සැකකරුවන් පළාගොස් ඇති බවයි

මෙම සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීමට හෝ අපරාධයක් සිදුකර පළා යන පුද්ගලයන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජාංගණය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.