FAST NEWS

24×7 Around the Globe

තරුණ යුවලක් පොල්ගොල්ල ජලාශයට පැන දිවි නසා ගනී

(ෆාස්ට් නිව්ස් | මහනුවර) –  මහනුවර – පොල්ගොල්ල ජලාශයට පැන පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු සියදිවි හානිකරගෙන තිබේ. 

පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර , ගැහැණු ළමයා 16 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වෙයි.

අද (07) අලුයම සිය නිවෙස්වලින් පැමිණි ඔවුන් පොල්ගොල්ල ජලාශයට පැන ඇත්තේ කටුගස්තොට – කහල්ල ප්‍රදේශයෙන්.

මොවුන් දෙදෙනා කටුගස්තොට – නවයාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගම්වාසීන්ගේ සහය ඇතිව ඔවුන්ගේ සිරුරු මේ වන විට ගොඩට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ක්‍රියාත්මක වෙයි.