FAST NEWS

24×7 Around the Globe

ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශනවාර යළි ආරම්භ කෙරේ.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගැනීමට නියමිතයි.