FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ සිට නෙළුම්පොකුණ දක්වා නව රථ වාහන සැලැස්ම අත්හිටුවයි.

වැලිකඩ සිට නෙළුම්පොකුණ දක්වා ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක අධික රථවාහන තදබදයක් ඇතිවීම හේතුවෙන් මෙම නව රථවාහන සැලැස්ම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම රථවාහන සැලැස්ම හා සමඟ මහරගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ රථවාහන සැලැස්ම ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කෙරේ.