FAST NEWS

24×7 Around the Globe

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය. 

ඒ, සැකකරුවන් නුගේගොඩ නිල නොලත් මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න හමුවට අද (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කරනු ලැබුවේ පසුගිය මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකදීයි.