FAST NEWS

24×7 Around the Globe

පිටවීමේ පර්යන්තයට අමුත්තන් පස්දෙනෙක් ගෙන ඒමට අද සිට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කටුනායක ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) සිට අවසර ලබා දී තිබේ.

මෙහිදී එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.