FAST NEWS

24×7 Around the Globe

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ.

එහිදී පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.