FAST NEWS

24×7 Around the Globe

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 5 ක් හදුනාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ්-19 ) – කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් පස්දෙනෙක් අද (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඉන් එක් අයෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වන අතර , දෙදෙනෙක් කටාර් රාජ්‍යයේ සිටද අනෙක් දෙදෙනා මැඩගස්කර් සහ අමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ්  අසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 1885 ක් පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති අතර, තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 176 දෙනෙකු පමණි.