FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 11 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ලොව පුරා මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි එකලොස් ලක්ෂ අසූ දහස් පනස් පහකි.

ලොව පුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 528,376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රසීලය ,බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවලින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

ගෝලීය කොරෝනා මරණ අතරින් හතරෙන් එකක් ඇමෙරිකාවෙන් වාර්තාවීම ද විශේෂත්වයකි.