FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් නිවෙස්වලට වී සිටින කාලය තුලද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින් සදහා ලබාදෙන රුපියල් පන්දහසක දීමනාව ලබාදීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජූනි 15 වනදා තෙක් ඒ අනුව විද්‍යාපීඨ ඩිප්ලෝමාව හදාරනු ලබන පළමු වසර හා දෙවැනි වසර සිසුන් සඳහා මෙන්ම වර්ෂ තුනක අධ්‍යයන කාලසීමාව අවසන් කිරීමට නියමිතව සිටි සියලුම සීමාවාසී ගුරු සිසුන් වෙත අදාල දීමනාව ලබාදෙනු ඇත.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 16200 ක් සඳහා කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපන විද්‍යා පීඨ වසා තිබු වසා තිබු මාස 03 ක කාලය තුල වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 242 මුදලකි.