FAST NEWS

24×7 Around the Globe

වරාය වර්ජනය අවසන් – දොඹකර 03 වහා සවි කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ ගැන්ට්‍රි දොඹකර 03 වහා සවි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දීමත් සමග වර්ජනය අත්හිටුවීමට වරාය වෘත්තීය සමිති තීරණය කර ඇත.  

අග්‍රාමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් සිය වර්ජනය අත්හිටවූ බව කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ප්‍රකාශ කළේය.

ඒ අනුව , චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර ගොඩබා නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට අවසර ලබාදෙන අතර, ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පොරොන්දු වී ඇත.