ආගරපතන වෘඩ්වීල් වත්තේ ග්‍රෙමෝර් කොටසේ වතු නිවාස පේලියක ඊයේ රාත්‍රී 9.00ට පමණ ඇතිවූ ගින්නකින් නිවාස 10 ක් මුළුමනින්ම පිළිස්සී විනාශවී ඇත.
එක් නිවසක ඇතිවූ ගින්න සීඝ්‍රයෙන් සෙසු ලයින් කාමර වලටද ව්‍යාප්තවී තිබෙන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.
ගින්නෙන් නිවාස වල තිබූ බඩු භාහීරාදිය සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.
අවතැන්වූ පවුල් 10 කට අයත් සාමාජිකයින් 50 දෙනකු සඳහා එම වතුයායේ දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් සැපයීමට වතු පාලානාධිකාරිය පියවර ගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආගරපතන පොලීසිය පරීක්ෂණ පවත්වයි.







