FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට සීමා පැන වූ බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

ඊයේ (01) දිනය තෙක් දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව දුරකතනය මගින් වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුව තිබුණි.

එහෙත් එම තීරණය ඊයේ දිනයේ සිට ඉවත් කළ බවත් , දිවයින පුරා ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සෑම ආයතනයකටම පැමිණ ජනතාවට සාමාන්‍ය ලෙස ඔවුන්ගේ සේවාවන් සපුරා ගත හැකි වේ.