FAST NEWS

24×7 Around the Globe

මුරලි දේශපාලන වේදිකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින්ජ නාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව පවසයි.

මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කරන බවද මුත්තයියා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරන මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන්ගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

තවද තමාට දේශපාලනය නොතේරෙන බවත් තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බවත් පැවසූ මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ, මහජනතාවට උදව් කිරීම පමණක් බවද ඔහු පැවසීය.