FAST NEWS

24×7 Around the Globe

මාලදිවයිනේ රැඳී සිටි 178 ක් මත්තලට

(ෆාස්ට් නිව්ස් | මත්තල) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. 

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මාලදිවයින තුළ සංචාරක හෝටල් වල සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වේ.

මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස PCR පරීක්ෂණ සදහා යොමු කළ අතර , ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී තිබුණි.