FAST NEWS

24×7 Around the Globe

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ (01) පස්වරුවේ කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විය.

CIVID-19 මර්දනය කර ලෝකය විවෘත වනතෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම දේශීයව හා විදේශීයව නිර්මාණකරැවන්ට හිමි කර්තෘ භාගය නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මේ පිළිබඳව රාජ්‍ය මට්ටමින් ක්‍රියා කර නිර්මාණකරුවන්ගේ අයිතිය රැක ගැනීමට සහය වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

රජය විසින් කලාකරුවන්ට සහන පොලී ණය මුදලක් ලබා දීමට තීරණය රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.