මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
ඒ, කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ ඊට අදාළ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
ග්රෑම් 7.05ක හොරොයින් ළඟ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
———————————-(update)
වෙලේ සුදාගේ ඉරණම් තීන්දුව අද කොළඹ මහාධිකරණයෙන්.
හෙරොයින් ග්රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහි නඩුවේ තීන්දුව අද (14) ප්රකාශ කිරීමට නියමිතය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා අද නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අතර මීට සුළු වේලාවකට පෙර වෙලේ සුදා බන්ධනාගාර රථයකින් අධිකරණයට රැගෙන එනු ලැබීය.
අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක භටයන් ද රඳවා ඇත







