FAST NEWS

24×7 Around the Globe

විදේශීය නාවිකයන් පිරිසක් මත්තලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (01) දින පෙරවරු 10.20 ට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී –544 දරන විශේෂ ගුවන් යානයෙන් රෝමයේ සිට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරෙන අතර, ඉන්පසු එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය.