FAST NEWS

24×7 Around the Globe

” ගගන ” ගේ සමීපතමයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරකගේ අනුගාමිකයෙකු වන ගගන නැමති පුද්ගලයාගේ මත්කුඩු ජාවාරම් සඳහා සහය දැක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව තිබී රජයේ උසස් නිලධාරීන්ගේ සහ විවිධ ආයතනවලට අනුකූලව ව්‍යාජ ලෙස සකස් කරන ලද නිළ මුද්‍රා 21 ක් , කේරළ ගංජා කිසියම් ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මින් එක් අයෙකු යුද හමුදාවෙන් පැන ආ සෙබලෙකු බව වැඩිදුරටත් සඳහන් වේ.