FAST NEWS

24×7 Around the Globe

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද (01) සිට ආරම්භ වෙයි.   

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් 80 % ක සහ විශාල ණය සඳහා 50 % ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

ඒ අනුව 4% ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.