FAST NEWS

24×7 Around the Globe

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.  

මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය මිය යන විට 91 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (30) රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වී තිබේ.

මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති ගණනාවක් රචනා කරනු ලැබීය.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.

ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වී තිබේ.