FAST NEWS

24×7 Around the Globe

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් ඉල්ලා අස්කරගෙන ඇත. 

තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බව රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජිත සේනාරත්න මහතාට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් එම අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.