FAST NEWS

24×7 Around the Globe

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය අද දින පෙරවරු 8.52 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කර ඇත.