FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ බස් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ මෙම වර්ජනය ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද විජේරත්න මහතා පැවසීය.