FAST NEWS

24×7 Around the Globe

ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව ගැන අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව අද(30) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

මෙහිදී  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.