FAST NEWS

24×7 Around the Globe

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – CID භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය අත්හිටවූ බව    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මත් ජාවාරම්කරුවන් සමග තිබූ සබඳතා හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවයයි.