FAST NEWS

24×7 Around the Globe

මාලදිවයිනේ සිට පිරිසක් මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිසට ගුවන්තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සළසා දී තිබේ.