FAST NEWS

24×7 Around the Globe

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12 ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන ඇත.  

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබීය.