FAST NEWS

24×7 Around the Globe

හිමිනමකට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කහටගස්දිගිලිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (27) රාත්‍රී කාලයේදියි මෙම පහරදීම සිදුවී ඇති අතර කලක සිට පැවතෙන ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන් වේ.

පහරකෑමට ලක්වූ හිමිනම මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

අද (30)33 හැවිරිදි හා 60 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කහටගස්දිගිලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.