FAST NEWS

24×7 Around the Globe

බස් ප්‍රමුඛතා මංතීරු තෙවන අදියර අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තෙවන අදියර අද (28) පෙරවරු 6 ට ආරම්භ කරනු ලැබීය.  

මේ අනුව ඉගුරුකඩේ හංදිය , සිරිමාවෝ බණ්ඩාරනායක මාවත , ආමර් වීදිය හංදිය , මාළිගාවත්ත , මරදාන හරහා කොළඹ කොටුව දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මකවනු ඇත.

මෙම නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත් සවස 4 සිට පස්වරු 6 දක්වාත් ක්‍රියාත්මක වන අතර, අදාළ කාලය තුළ පුද්ගලික බස් රථ , ලංගම බස් රථ , ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් සහ වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව භාවිත කළ යුතු වෙයි.

පළමු අදියර යටතේ කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පසුගිය 08 වනදා ආරම්භ වූ අතර , පසුගිය සඳුදා සිට දෙවන අදියර ආරම්භ විය.