FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය නැවතත් පාදෙණියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළි තේරී පත්වී තිබේ

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත්වු බවයි.

සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ

මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කෙරුණු අතර

සෙසු තනතුරුවල වෙනසක් සිදුව නැත.