FAST NEWS

24×7 Around the Globe

මුඛ ආවරණ නොපළඳින අය නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ හෙට(28) සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එසේ මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ඔහු පැවසීය.