FAST NEWS

24×7 Around the Globe

බුස්ස රැඳවියන්ගේ වර්ජනය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය නවතා දමා තිබේ.

ඒ ඊයේ (26) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වලට සම්බන්ධ වෙලේ සුදා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් පිරිසක් මෙම ආහාර වර්ජනය ආරම්භ කළේය.

ඔවුන් වර්ජනයේ නිරත වෙමින් ඉල්ලා ඇත්තේ වැඩි වේලාවක් සිර මැදිරිවලින් පිටත තබන ලෙසයි.

නමුත් එම ඉල්ලීමට එකඟ නොවූ  බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ දින 3ක් ඇතුළත විසඳුම් ලබාදෙන බවයි.

එම පොරොන්දුව මත ඔවුන් මෙම වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රි ආහාර වේල ලබාගෙන ඇති බව ද වාර්තා වේ.