FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිල සෙබළු ගණන 821ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදා සාමාජිකයින් 223ක් නිරෝධායන කාලය අවසන් කර  ඉන් පිටවගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඔවුන් මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසකි.

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව සඳහන් කරයි.