FAST NEWS

24×7 Around the Globe

මුඛ ආවරණ නීතිය තවදුරටත් අනිවාර්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව තවමත් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසයි.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.