FAST NEWS

24×7 Around the Globe

බස් අනතුරකින් 13 ක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙලන්කන්නි ප්‍රදේශයේ අද (27) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

A – 9 මාර්ගයේ කිලෝමීටර් 190 කණුව ආසන්නයේ දී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක්  ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ඕමන්තේ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ඕමන්තේ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.