FAST NEWS

24×7 Around the Globe

කොළඹට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (27) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.